-5.9 C
New York

බැංකු පොළී අනුපාත ඉහළ දැමීමෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑමක් නෑ

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු මගින් ලබාදෙන ණය මුදල් සඳහා වූ පොළී අනුපාතිකයන් 1% බැගින් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එය කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ කෙරෙහි දැඩි අහිතකර ලෙස බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් මත පළකළ ද අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු විශ්ලේෂණය කිරීමේ දී පොළී අනුපාතිකයන් ඉහළ යාමෙන් බලපෑමක් සිදුව නොමැති බවත්, දේශීය ආයෝජකයන්ගේ වැඩි ක්‍රියාශීලීත්වය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි අයෝජකයෝ විශ්වාසය පළ කර සිටිති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) ගනුදෙනු 23,007ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 3,022ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 83කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,243ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 507
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 384
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 346

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 21
  • කමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 07
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම 25%
  • සපුගස්තැන්න වැවිලි සමාගම 24%
  • උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 17%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 548
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 457
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  308

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 660,000ක් රුපියල් 62.00 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම කොටස් 1,380,000ක් රුපියල් 144.00 සහ 145.00 බැගින්.

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 111ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 43ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 68ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 43
  • හෙමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 41
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 10
  • එල්බීෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.9
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 0.9

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 9.7
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 9.3
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 5.3
  • එල්ඕඑෆ්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.5
  • ත්‍රීඒකර් ෆාම් සමාගම රුපියල් මිලියන 2.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img