-4.8 C
New York

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

Published:

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පෙෂාවර් හි පැරණි නගර ප්‍රදේශයේ පිහිටි කුචා රිසාල්දාර් මුස්ලිම් පල්ලියේ මෙම පිපිරීම සිදුව ඇත.

තුවාල ලැබූ අයගෙන් විශාල පිරිසකගේ තත්වය බරපතල බව ද වාර්තා වේ.

පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් එජාස් ඛාන් පවසන්නේ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු පල්ලියෙන් පිටත දී පොලිසියට වෙඩි තැබූ බවයි. පොලිස් වෙඩි තැබීමෙන් ඉන් එක් පුද්ගලයකු මියගිය බවත් අනෙක් පුද්ගලයා පල්ලියට ඇතුළු වී බෝම්බය පුපුරුවාගත් බවත් පොලිසිය පවසයි. වෙඩි හුවමාරුවේ දී පොලිස් නිලධාරියකු ද මියගොස් ඇත.

පල්ලිය ආසන්න නිවසක පදිංචි නයීම් නමැති අයකු අල්ජසීරා ආයතනයට ප්‍රකාශයක් ලබාදෙමින් මෙසේ පවසයි.

“මුලින් ම මට වෙඩි හඩ පහක් හෝ හයක් ඇහුණා. පස්සේ ඒ වෙඩි තැබූ අයෙක් පල්ලියට ඇතුළුවෙනවාත් විශාල පිපිරීමක් සිදුවනවාත් මා දුටුවා. මම ගෙදර ඇතුළේ බිමට වැටුණා. පසුව මම පල්ලිය දෙසට යනවිට දුම සහ දූවිලි අතර මිනිසුන් ලේ වගුරවාගෙන වැටී සිටියා.”

බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැවසුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් පමණ භාවිත කර ඇති බවයි.

https://www.aljazeera.com/news/2022/3/4/at-least-30-killed-as-mosque-bombed-in-northwest

Related articles

Recent articles

spot_img