-5.9 C
New York

ෂේන් වෝන් හදිසියේම මියයයි

Published:

ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් ටෙස්ට් කඩුළු 708ක් බිඳ දමා සිටි අතර ඔහු දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට පමණි.

මියයනවිට වෝන් 52 වැනි වියේ පසුවූයේය.

වෝන්ගේ කළමනාකාරීත්වය මීට සුළු වේලාවකට පෙර පණිවිඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තායිලන්තයේයේ දී ඔහු මියගිය බවයි. මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකියැයි පැවසේ.

“ෂේන් ප්‍රතිචාර දැක්වූයේ නැහැ. වෛද්‍ය කාර්ය මණ්ඩලය උපරිම උත්සාහ ගත්තත් ඔහුගේ හෘදය නැවත පණ ගන්වන්නට බැරි වුණා.” යැයි එම පණිවිඩයේ දැක්වේ.

දින කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනකුගේ මරණයන් සිදුවීම ඕස්ට්‍රේලියානු ක්‍රීඩාලෝලීන්ට අදහාගත නොහැකි වනු ඇත. පසුගිය සතියේ රොඩ් මාෂ් ද හෘදයාබාධයකට ලක්ව මියගියේය.

https://www.foxsports.com.au/cricket/australia/shane-warne-dies-death-age-cause-of-death-australia-legend-passes-away-in-thailand-of-suspected-heart-attack/news-story/2871d970df662a247709703aa287ce84

Related articles

Recent articles

spot_img