8.9 C
New York

යුක්රේනයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරයට ප්‍රහාරයක්

Published:

යුක්රේනයේ සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරයට රුසියන් හමුදා ෂෙල් ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින්, විකිරණ කාන්දුවීමේ අවදානමක් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සේපෝරිසේයා න්‍යෂ්ඨික බලාගාරය යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය වන අතර එය යුක්රේනයේ විදුලි අවශ්‍යතාවයෙන් 40%කට දායක වෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ෂෙල් ප්‍රහාරය හේතුවෙන් ඇති වූ ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

යුක්රේන රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් පවසන්නේ මෙම න්‍යෂ්ඨික බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත් 1986 වර්ෂයේ චර්නෝබිල් බලාගාරයේ හානිය මෙන් 40 ගුණයකට වැඩි හානියක් සිදුවීමට ඉඩ ඇති බවයි.

සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමට පෙර 1986 වර්ෂ‍ේය දී අත්හදා බැලීම් කටයුත්තක දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක පුපුරායාමෙන් විකිරණ කාන්දුවක් සිදුවිය. එහි හානිකර බලපෑම් යුරෝපයට ද අත්විඳින්නට සිදුව තිබිණි. මේ වනවිට බෙලරුසය දෙසින් යුක්රේනයට පැමිණි රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත්කරගෙන ඇත.

https://www.bbc.com/news/world-europe-60613438

Related articles

Recent articles

spot_img