සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද (02) සහ හෙට (03) යන දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල දින දෙකක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
වැටුප් විෂමතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් 04ක් මූලික කරගනිමින් මීට පෙර සෞඛ්‍ය සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ ඉල්ලීම් සඳහා එකඟවූ කාරණා අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර කෙරිණි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමදේශ් පවසන්නේ එදා එකඟ වූ කරුණු සඳහා මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැතිවීම හේතුවෙන් නතර කළ අරගලය යළි ආරම්භ කළ බවයි.