-2.1 C
New York

ඉන්ධන පිරවුම්හල් අසළට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Published:

රටතුළ ඇති දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරිවුම්හල් අසළ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න නියෝග කර තිබේ.

කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා උපකරණ හා ඉඩම් වාහන සඳහා තෙල් ලබාගැනීමට බුලි රැගෙන එන ජනතාවට ඒ සඳහා බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමටත්, සංචාරකයන් ප්‍රවාහනය කරන රථ, ගිලන් රථ, ගිනි නිවීමේ රථ සහ රෝගීන් ප්‍රවාහනය කරන වෙනත් රථ වැනි අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙසත් නියෝග කර තිිබේ.

Related articles

Recent articles

spot_img