-4.8 C
New York

යුක්රේනයේ සිටි ඉන්දීය සිසුන් තිදෙනකු ෂෙල් ප්‍රහාරයකින් මරුට

Published:

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුන් තිදෙනකු රුසියාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයකින්  අද (01) මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බව ඉන්දීය විදේශ අමාතයාංශයත් තහවරු කර තිබේ.

එම සිසුන් මියගොස් ඇත්තේ කාර්කිව් නගරයට එල්ල වූ ප්‍රහාරයකිනි.

රුසියානු හමුදා ප්‍රහාරයකින් යුක්රේනයේ සිටි විදෙස් සිසුන් මියගිය බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. රුසියානු හමුදා යුක්රේනයට පහරදීමට පෙර විදෙස් රටවල් රැසක් තම රටවල සිසුන් විශේෂ ගුවන් යානා යොදා ඉවත්කරගත් අතර ඉන්දියාව ද එලෙස සිදුකර තිබිණි.

ඉන්දීය විදේශකටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය සිසු සිසුවියන් 16,000ක් පමණ තවමත් යුක්රේනයේ රැඳී සිටින බවයි.

කාර්කිව් යනු යුක්රේනයේ දෙවැනි විශාලතම නගරයයි. මේ වනවිට කාර්කිව් නගරය ඉලක්ක කරගනිමින් රුසියානු හමුදා දිගින් දිගටම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.

https://www.hindustantimes.com/world-news/indian-student-dies-in-shelling-in-ukraine-s-kharkiv-mea-in-touch-with-family-101646127355300.html

Related articles

Recent articles

spot_img