spot_img
spot_imgspot_img

යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි

පුවත්

විදෙස්

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ.

චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ 12,000ක් වන චෙච්නියා සටන්කාමීන් රුසියානු හමුදාව සමඟ එක්ව යුක්රේන හමුදාවට එරෙහිව යුද වැදීමට කටයුතු කරන බවයි. ඉන්පසු යුක්රේනයට පැමිණි චෙච්නියා විශේෂ බලකායේ පිරිසක් යුද ටැංකි 56ක් ද සමඟ යුක්රේනයේ හොසටොමල් නගරය ආසන්නයේ දී යුක්රේන හමුදාවේ මිසයිල ප්‍රහාරයකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චෙච්නියාවේ විශේෂ බළකාය මානව හිමිකම් කඩකිරීම සමබන්ධවත් දැඩි අමානුෂික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තරයේ දැඩි චෝදනාවට ලක්වූ හමුදාවකි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ජනාධිපති ව්ල‍ොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීම ඉලක්ක කරගනිමින් පැමිණි මෙම හමුදාවේ මියගිය අය අතර චෙච්නියානු ජනාරල්වරයකු වූ මහෝමෙද් ටුශෙව් ද සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!