spot_img
spot_imgspot_img

රුසියානු හමුදා යුක්රේන අගනගරයටත් ඇතුළු වෙයි

පුවත්

විදෙස්

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර කියුවි අගනුවරට ඇතුළු වී තිබේ. ගොඩබිම සටන් ඇතිවීමත් සමඟ යුද්ධය වඩාත් දරුණු තත්වයකට පත්ව තිබේ.

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ඇතුළුවීමත් සමඟ එහි වැසියන් පෝලන්තය වෙත පළායමින් සිටියි.

යුක්රේන ජනාධිපිත විලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ නේටෝ සංවිධානය ඇතුළු බටහිර රටවල් මෙම අර්බුදයේ දී තමන් ඇතුළු රටවැසියන් තනිකර දැමූ බවයි.

යුක්රේනයට එරෙහිව රුසියාව ඊයේ (24) දිනයේ ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගුවනින්, මුහුදින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කර තිබේ.

රුසියානු හමුදා මේ වනවිට උතුරින් බෙලරූස් හරහාත්, නැගෙනහිරින් රුසියාව හරහාත්, දකුණින් ක්‍රිමියාව හරහාත් යුක්රේනයට ඇතුල් වී සිටියි.

යුක්රේනයේ ප්‍රධාන නගර රැසකට රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සමඟ විශාල පිපිරීම් ද සිදුව ඇත.

ඇමෙරිකානු බුද්ධි අංශ ව‍ාර්තා කරන්නේ පැරෂුට් භටයන් 10,000ක් පමණ යොදවා කියුවි අගනගරයේ පාලනය සියතට ගැනීමට රුසියාව සැළසුම් කර ඇති බවිය. මේ වනවිට කියුවි අගනගරයට ඉහළින් රුසියානු යානා ඉතා පහතින් ගන් කරමින් සිටින බව ද ඇමෙරිකාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!