-2.1 C
New York

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

Published:

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් අද (25) දිනයේ කොටස් වෙළෙඳ පොළ වැඩි උනන්දුවකින් ගනුදෙනු සිදුවූ අතර දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළේ වර්ධනයක් ද දක්නට ලැබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 40,999ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 4,207ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 450කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,107ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 932
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 397
  • එල්ඕඑල්සි සමාගම රුපියල් මිලියන 343

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 36
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිංහ පුත්‍ර ෆිනෑන්ස් (P) 28%
  • සිංහ පුත්‍ර ෆිනෑන්ස් 26%
  • එස්එන්බී ලීසිං සමාගම (X) 25%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 511
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 427
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  285

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් ලක්ෂ 04ක් රුපියල් 53.00 බැගින්
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 34.50 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 2.65ක් රුපියල් 79.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 285ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 161ක් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 55
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මිලියන 19
  • ඩයලෝග් ආසියාටා සමාගම මිලියන 18
  • ඒසියාසියාකා සමාගම මිලියන 05
  • ඇල්පිටිය වැවිළි සමාගම මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 224
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 12
  • මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 06
  • කමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 03
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img