-4.8 C
New York

රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට

Published:

රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියාව විසින් අත්පත්කරගෙන ඇත.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මේ බව තහවුරු කර තිබේ.

උතුරු, දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලින් යුක්රේනයට ප්‍රහාර එල්ලකරමින් රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් යුක්රේනයේ කියෙව් අගනුවර වෙත ළඟා වෙමින් සිටින අතර ගුවන් සහ නාවුක ප්‍රහාරත් මිසයිල ප්‍රහාරත් මේ වනවිට යුක්රේනයට එල්ල කරමින් තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියාව තවදුරටත් යුක්රේන ආක්‍රමණයේ නිරත වුවහොත් 1986 වර්ෂයේ චර්නෝබිල් බලාගාරය පිපිරීමෙන් සිදුවූ විනාශයට වඩා වැඩි විනාශයක් සිදුවිය හැකි බවයි. යුක්රේන ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ යුක්රේන අගනුවර රැඳී සිටින බව ද ප්‍රකාශ කර තිබේ.

රුසියාව ආරක්ෂා කිරීමට වෙනත් ක්‍රියාමාර්ගයක් නැතැයි පවසමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සටන් ආරම්භය ගැන ප්‍රකාශ නිකුත් කර ඇත.

Related articles

Recent articles

spot_img