-4.8 C
New York

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්

Published:

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාහි බුකිට්ටින්ගි ප්‍රදේශයේ අද (25) උදෑසන 7.05ට සහ 7.09ට  භූමිකම්පා දෙකක් සිදුව ඇත.

පළමු භූමිකම්පාව උදෑසන 07.05ට සිදු වී ඇති අතර එය රිච්ටර් මාපකයේ ඒකක 5.00ක් ලෙස සටහන්ව ඇත. ඉන් විනාඩි 04කට පසු 7.09ට දෙවැනි භූමිකම්පාව සිදුව ඇති අතර එහි විශාලත්වය රිච්ටර් මාපක 6.2කි.

ගොඩබිම ප්‍රදේශයේ සිදුවූ මෙම ‍භූමිකම්පා සිංගප්පූරුවට හා මැලේසියාවට ද දැනී ඇති අතර සිදුවූ හානිය මෙතෙක් වාර්තා වී නැත.

ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ පළමු භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පොළව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා ඇති බවයි. දෙවැනි භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර 12.3ක් ගැඹුරින් පිහිටා තිබිණි.

Related articles

Recent articles

spot_img