-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට විදේශිකයෝ උනන්දුවෙන්. වෙළෙඳ පොළ පහළ වැටීමේ වාසිය ගනී

Published:

හොදින් ලාභ ඉපයූ වටිනා සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්කරද්දී කොටස් වෙළෙද පොළ පහළ යාමේ වාසිය ලබාගැනීම සදහා විදේශීය ආයෝජකයන් විසින් දිගින් දිගටම කොටස් මිල දී ගැනීම වැඩිවී තිබීම විශේෂත්වයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) ගනුදෙනු 42,679ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 3,710ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 560කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,217ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 767
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 317
  • එල්ඕඑල්සි සමාගම රුපියල් මිලියන 205

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 29
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 22
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙරන්ඩිබ් හොටෙල් (X) 6%
  • රේණුක ෆුඩ් (X) 4%
  • සීගිරි විලේජ් 4%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 469
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 393
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  239

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • වටපොත ‍ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.2ක් රුපියල් 32.30 බැගින්
  • රේණුක සිටි හොටෙල් සමාගම ‍කොටස් 800,000ක් රුපියල් 88.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 117ක් මිල දී ගත් අතර රුපියල් මිලියන 53ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 64ක් ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 24
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 20
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මිලියන 20
  • හේලීස් සමාගම රුපියල් මිලියන 10
  • බයිරහා සමාගම රුපිය්ල මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 16
  • ඩස්ටිලරීස් සමාගම ‍රුපියල් මිලින 14
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 1.7
  • හෙළ ක්ලෝතින් සමාගම රුපියල් මිලියන 1.6

සමාගම් කිහිපයක් ලාභාංශ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව සෙලාන් බැංකුව රුපියල් 3.00 ක කොටස් ලාභාංශයක් ද , ප්‍රීමා සමාගම රුපියල් 6.00ක ලාභාංශයක් ද, ත්‍රී ඒකර් ෆාම් රුපියල් 10.00ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img