-5.9 C
New York

අවස්ථා දෙකකදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නවතී

Published:

නියමිත සීමාවන් ඉක්මවා කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස පහළ වැටීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ අවස්ථා දෙකක දී විනාඩි 30 බැගින් ගනුදෙනු නතර කිරීමට සිදුවිය.

2022 වර්ෂයේ අද දිනය ද ඇතුළත්ව අවස්ථා තුනක දී අසාමාන්‍ය ලෙස මිල පහළ යාම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙද පොළ ගනුදෙනු අත්හිටුවා තිබේ. 2021 වර්ෂයේ දී අවස්ථා 07ක දී ගනුදෙනු අත්හිටුවා ඇති අතර ඉන් අවස්ථා 05 අසාමාන්‍ය ලෙස මිල පහළ යාම හේතුවෙන් ද අවස්ථා 02ක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ද අත්හිටුවන ලදී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 51,301ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 4,523ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 374කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,217ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,168
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 613
  • එල්ඕඑල්සි සමාගම රුපියල් මිලියන 228

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 53
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 23
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පීටී ලෑන්ඩ් සමාගම 09%
  • සිංගර් ඉන්ඩස්ට්‍රියල් සමාගම 04%
  • ආර්පිකෝ සමාගම 04%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 520
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 438
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  256

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලයන් බියර් සමාගම කොටස් 80,000ක් රුපියල් 353.00 බැගින්
  • හේමාස් හෝල්ඩින් සමාගම කොටස් 380,000ක් රුපියල් 62.50 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 169ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 102ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 67ක් ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 66
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 34
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මිලියන 17
  • වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 10
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 53
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 09
  • සීටී හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 08
  • ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img