ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ පොලිස් ප්‍රධානීන් එම කිසිදු කරුණක් නොතකා ශබ්ද විකාශන බලපත්‍ර ලබාදෙමින් ප්‍රදේශයේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටියි.
මෙය ප්‍රධාන වශයෙන් ම සිදුවන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පවතින සංගීත සංදර්ශන සහ සැණකෙළි අවස්ථාවල දී ය.
2007 නොවර්මබර් මස 22 වැනි දින පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති 2031/2007 චක්රලේඛයෙ දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් ඉල්ලුම් පත්‍ර 38/05 දරණ නඩු තීන්දුව අනුව ලබාදී ඇති නියෝග ප්‍රකාරව එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.
එම චක්‍රලේඛය අනුව යම් ස්ථානයකට ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදීමේ බලය ඇත්තේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. ඒ අනුව ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය අසළ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාදීමේ දී එහි වගකීම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැවරේ.
“නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුමැතිය ඇතිව එවැනි බලපත්‍රයක් නිකුත් කළ වහාම අප්‍රමාදව ඒ සම්බන්ධයෙන් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වෙත අදාල දිස්ත්‍රික් භාර නිලධාරියා විසින් කරුණු වාර්තා කළ යුතු වන අතර ඒ පිළිබඳ විස්තර විශේෂයෙන් නඩු අංකය, මහේස්ත්‍රාත් අධිකරණය, පවත්වන ලද පරීක්ෂණයන්හි සටහන් පිළිබඳ වාර්තා දිස්ත්‍රික් භාර නිලධාරියාගේ කාර්යාලයේ තබා ගත යුතුය.” යනුවෙන් ද එම චක්‍රලේඛයේ දැක්වේ.
එවැනි බලපත්‍රයක් නිකුත් කරන අවස්ථාවක දී ශබ්ද විකාශන බලපත්‍රය ලබාගත් පරිශ්‍රයෙන් පිටතට කිසිදු ආකාරයකින් ශබ්දය නොඇසිය යුතු අතර සියලු ශබ්ද උත්පාදන යන්ත්‍ර පරිශ්‍රයේ ඇතුළට හරවා අංශක 45ක් පොළව දෙටස ආනතියකින් සවිකර තිබිය යුතුය. එමෙන්ම අදාල පරිශ්‍රය ඇතුළත ශබ්දය ද ඩෙසිබල් 70ක් ඉක්මවීමට අවසර නැත.
පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ දැක්වේනනේ එම කොන්දේසි මනාව පිරික්සමින් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ශබ්ද විකාශනය සිදුවිය යුතු බවයි. නම්ත යම් අවස්ථාවවක දී එම නියෝගයන්ට පරිභාහිරව ජනතාවට යම් අපහසුතාවක්, කරදරයක්, හිරිහැරයක් හෝ බාධාවක් වන බවට පැමිණිල්ලක් ලැබෙන්නේ නම් අදාල කොට්ඨාස භාර, දිස්ත්‍රික් බාර හෝ ස්ථාන භාර නිලධාරන්ට විරුද්ධව තදබල ලෙස විනයානුකූළව කටයුතු කරන බව ද එම චක්‍රලේඛයේ ම දැක්වේ.
නමුත් මේ සියල්ල ගාල්ලේ ක්‍රියාත්මක වන්නේ නැත.
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත සංදර්ශනවල දී එහි උත්පාදනය වන සංගීත ශබ්දය කිලෝ මීටර 06ක පමණ දුරින් රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය අසළ පදිංචි මෙම ලේඛකයාගේ නිවසේ සිට ද ශ්‍රවණය කළ හැකිවෙයි.
මෙම ශබ්ද උත්පාදනය සමනල ක්‍රීඩාංගණයේ සිට ගුවන් දුර මීටර 600ක් පමණ ඈතින් පදිංචි තමන්ට ඇසෙන බව ඉහළ ඩික්සන් පාරේ පදිංචි සේනක ද සිල්වා වසර ගණනාවක සිට පොලිසියට පැමිණිලි කර තිබේ.
එමෙන් ම 2022 පෙබරවාරි 23, 24, 25, 26 සහ 27 දිනවල ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති සැණකෙළියේ ශබ්ද උත්පාදනය තම දරුවන්ගේ උසස් පෙළ විභාගයට බාධාවක් වන බැවින්ද, රෝගී මවගේ සෞඛ්‍යයට බාධාවක් වන බැවින් ද නවතා දමන ලෙස සඳහන් කරමින් පැමිණිලි දෙකක් ඇතුළු පුද්ගලයන් 05 දෙනකු විසින් දැනටමත් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ.
එසේ තිබිය දී ද පොලිස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා කටයුතු කරමින් අධිකරණයට අපහාසයක් සිදුකරමින් සිටින අතර, පොලිස්පති චක්‍රලේඛයේ සඳහන් කරුණු ඉටු නොකරමින් පොලිස් ප්‍රධානීන් සිය රාජකාරිය ද පැහැර හරිමින් සිටියි.
සේනක ද සිල්වා විසින් 2015-12-14 දිනැතිව නීතිඥ වරුණ ද සේරම් මගින් පොලිස්පපතිවරයාට කරණ ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති වෙනුවට පොලිස්පතිගේ මාණ්ඩලික සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.එම්.හෙට්ටිආරච්චි විසින් එවා ඇති පිළිතුරු ලිපිය (2016-07-05 දැනිතා ඇංක C7/58/2016) අනුව ගාල්ල සමනල පාලම ක්‍රීඩංගණයේ කිසියම් වූ ශබ්ද උත්පාදනයක් සඳහා බලපත්‍ර ලබාදීමෙන් පොලිසිය සිදුකරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයකි. එමෙන් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයකි. එපමණක් නොව පොලිස්පතිගේ චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරමින් රාකාරී පැහැර හැරීමකි.
සේනක ද සිල්වා වෙත යොමුකර ඇති එම ලිපියේ දැක්වේනනේ සමනල පාලම ක්‍රීඩාපිටිය පිහිටා ඇති අකාරය අනුව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමේ දී ශබ්දය දුරට විස්ථාරණය වීම වැළැක්විය නොහැකි කරුණක් බව අනාවරණය වී ඇති බවයි.
එසේ නම් යම් පරිශ්රයක උත්පාදනය කරනු ලබන ශබ්දය එම පරිශ්‍රයෙන් පිටතට ඇසීම වැළැක්විය නොහැකිම් පොලිසිය කළ යුතුතේ එම ස්ථානයට බලපත්‍රයක් ලබා නොදීම බව අමුතුවෙන් කිව යුතු නැත.
පොලිසිය එම ස්ථානයේ ශබ්දය පිටතට විස්ථාරණය වන බව දැන දැනම බලපත්‍රයක් ලබාදෙන්නේ නම් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයකි.
මෙම ලිපිය නිකුත්කිරීමෙන් පසුව ද සමනල පාලම ක්‍රීඩාංගණයේය සංගීත සංදර්ශනවලට පොලිසිය බලපත්‍ර නිකුත්කිරීම සම්බන්ධයෙන් වසර 05කට වැඩි කාලයක් පැමිණිලි කර ඇතත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
ඒ සෑම අවස්ථාවක දී ම පොලිසිය පවසන්නේ බලපත්‍රය ලබාදීමේ දී පොලිසිය කොන්දේසි පනවා ඇති බවයි. නමුත් කොන්දේසි උල්ලංඝනය කරන අවස්ථාවක දී කළ යුතුර රාජකාරිය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැත. පොලිස් නිලධාරීන් මේ සම්බන්ධ විවිධ මත ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124 වැනි වගන්තියේ මෙලෙස දැක්වෙයි.
“යුක්තිය පසිඳලීම සඳහා ඇතිකොට පිහිටුවන ලද කිසිම අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ වෙනත් කිසිම ආයතනයකට, තැනැත්තකුට හෝ පුද්ගල මණ්ඩලයකට, (120 වන, 121 වන සහ 122 වන ව්‍යවස්ථාවල විධිවිධාන සලසා ඇති පරිදි) හැර, කවර හෝ හේතුවක් නිසා, යම්කිසි පනත් කෙටුම්පතක ව්යවස්ථානුකූළභාවය පිළිබඳව හෝ ඒ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට අනුකූළවීම පිළිබඳව හෝ විමසීමට හෝ ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට, බලය හෝ අධිකරණ බලය නොමැත්තේය.”
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිසිය වෙනත් හේතු දක්වමින් විවිධ අර්ථකථන සිදු නොකර ශ්‍රේෂ්ඨාධිකරණය ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව ක්‍රියාකළ යුතුය. එසේ නොකරන තාක්කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් සියලු දෙනා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා ක්‍රියාකරන්නන් බවට ද පත්ව සිටිති.
මෙම කරුණටම අදාලව 2022-02-12 වැනි දිනයේ දී ද දවස පුරා පැවැත්වෙන සංගීත සංදර්ශනයක් සම්බන්ධයෙන් සේනක ද සිල්වා සහ “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” සංවිධානය විසින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් කරන ලද අතර එම කොමිසමේ විමර්ශන නිලධාරී ඉන්දිකා ගමගේ පැමිණිල්ල භාරගත් බවට දැනුම් දුන්න ද අද (23) සිට 27 වැනි දින රාත්‍රී දක්වා සමනල පාලම ක්‍රීඩාංගණයේ දී සැණකෙළියක් සහ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.