-2.1 C
New York

හෙට විදුලිය කැපෙන හැටි මෙන්න

Published:

කාණ්ඩ හතරක් යටතේ හෙට (23) දිනයේ දී ද දිවයින පුරා පැය හතරහමාරක් විදුලිය විසන්ධ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

කලාප තුනකට පැය 4ක් හා විනාඩි 40ක කාලයක් ද අනෙකුත් කලාපවලට පැය 4යි විනාඩි 30ක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත්තේ හෙට දිනයේ දී පැය 07 විදුලි විසන්ධියක් අවශ්‍ය බවයි. නමුත් මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීම මත තෙල්ප්‍රමාණයක් ලබාගත හැකි වූ බැවින් හෙට විදුලි කප්පාදුව පැය හතරහමාරකට සීමා කර තිබේ.

සභාපති ජනක රත්නායක මෙසේ පවසයි.

“අපිට තියෙන්නේ විදුලි අර්බුදයක් නෙවෙයි. තෙල් අර්බුදයක්. තෙල් නොමැති නිසා මෙගා වො‍ට් 700ක පමණ විදුලි ජනනය අක්‍රිය වී තිබෙනවා. ඒ නිසා උදේ 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B  සහ C කලාපවල උදේ කාලයේ පැය 02ක් සහ රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40 බැගින් විදුලිය විසන්ධි කරන්න සිදුවනවා.

අනෙකුත් කාණ්ඩ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා උදේ කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40ක් බැගිනුත් විදුලිය විසන්ධි කරන්න සිදුවනවා. මෙය ඉතාමත් කණගාටුවෙන් ගනු ලැබූ තීරණයක්. කරන්න දෙයක් නොමැති නිසා මෙය සිදුකරනවා.”

Related articles

Recent articles

spot_img