-5.9 C
New York

විශේෂ බදු පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්

Published:

විශේෂ වෙ‍ළෙඳ බදු හා භාණ්ඩ සේවා පනත් කෙටුම්පත අනුමත කිරීමට නම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි බහුතරයක් පමණක් ප්‍රමාණවත් නැතැයි ද ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍යයැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් තීරණය කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජකයන් සහ සමාගම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි ආයෝජකයෝ විශ්වාස කරති. ඒ හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ඉදිරි දින කිහිපයේ දී ඉහළ යනු ඇතැයි අපේකෂිතය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) ගනුදෙනු 32,915ක් සිදුකරමිින් සමස්ත පිරිවැටුම රුපියල් 2,806ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 0.93කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 11,592ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 519
  • එල්ඕඑල්සි සමාගම රුපියල් මිලියන 242
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 195

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • ඉන්ඩස්ට්‍රිය් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පෙගසස් හොටෙල් සමාගම 19%
  • රේණුක ෆුඩ්ස් සමාගම 09.6%
  • ඇල්පිටිය ප්ලාන්ටේෂන් සමාගම 9.2%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 560
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 474
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  272

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 104ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 82ක් ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 42
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 20
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 08
  • සොෆ්ට් ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 07
  • එච්සෙනිඩ් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 2.9
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 1.5
  • ජැට් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 1.1
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 1.1
  • සණස බැංකුව රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img