-4.8 C
New York

නව බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. සම්මත කරනවානම් ජනමත විචාරණයක් අවශ්‍යයි

Published:

විශේෂ භාණ්ඩ හා සේවා බදුන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ප්‍රමාණවත් නැතැයි ද එය ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මේ බව අද (22) කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇත්තේ මෙම පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ අනුකූළ නොවන වගන්ති සංශෝධන කළ හැකි ආකාරය තීන්දු කර පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කිරීමෙන් ද වැළකිය යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාව සමඟ අනුකූළ නොවන වගන්ති පනත් කෙ‍ටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන බැවින් ඒ වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම ප්‍රායොගික නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img