-5.9 C
New York

ඉන්ධන මිල තීරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක්

Published:

මේ වනවිට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වේ.

ඊයේ (21) සවස අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ දී මෙලෙස විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්වයක් බවට පත්ව ඇති බැවින්, පවතින මිල ගණන්වලට ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි තත්වයක් උදා වී ඇත. එබැවින් ඇතිවන ගැටලුකාරී තත්වයෙන් මිදීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීමට යෝජනා කර ඇතත් රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.

ඉන්ධන මිල සම්බන්ධයේන අද පැවැත්වෙන විශේෂ රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

Related articles

Recent articles

spot_img