-4.8 C
New York

අධිවේගී මාර්ග ඉදිකිරීම අභියාචනාධිකරණය තාවකාලිකව නවතයි

Published:

තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග කොටසක් ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පරිසර ඇමති මහින්ද අමරවීර, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු පාර්ශව 11ක් වෙත අධිකරණය විසින් නොතීසි නිකුත්කරන ලදී.

මෙම නඩුව විභාගයට ගන්නා දිනය දක්වා ඉදිකිරීම් නොකරන ලෙස එම නියෝගයෙන් වගඋත්තරකරුවන් වෙත දැනුම් දී තිබේ.

එම මාර්ගය ඉදිකිරීම සඳහා නිකුත්කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ගොනුකර ඇති රිට් පෙපත්සමක් විභාගයට ගැනීමට තීරණය කරමින් ඉහත නියෝගය නිකුතර ඇත.

බත්තරමුල්ල අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ එම ඉදිකිරීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බව පවසමිනි.

තලංගම පාරිසරික කලාපය මඟහැර වෙනත් ස්ථානයකින් මාර්ගය ඉදිකිරීමට ඇති හැකියාව සොයාබලන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියට අධිකරණය විසින් දැනුම් දී තිබිණි.

Related articles

Recent articles

spot_img