-5.9 C
New York

තෙල් සංස්ථාවට ණය දෙන්න එපා යැයි මහ බැංකුවෙන් නියෝගයක්

Published:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබා නොදෙන්න යැයි මහ බැංකු අධිපති ‍අජිත් නිවාඩ් කබ්රාල් සියලු බැංකුවලට නි‍ොය්ගයක් නිකුත්කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය සම්පූර්ණයෙන් ම කඩා වැටිය හැකි බව හෙතෙම අනතුරු අඟවා තිබේ. එලෙස බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමන්ට භාරගත නොහැකියැයි ද කබ්රාල් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් විමසූ විට බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ පවසන්නේ ණය ගත හැකි උපරිම සීමාව දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැමිණ ඇති බවයි. මේ හේතුවෙන් තෙල් හිඟයක් ඇතිවය හැකි බව ද තෙල් මත පනවා ඇති බදු ඉවත්කිරීම දැනට ඇති ගැටලුවට යම් තරමක විසඳුමක් බව ද හෙතෙම පවසා සිටියේය. නමුත් ඒ සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ගම්මම්පිළ අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

spot_img