ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි ඊයේ (20) රාත්‍රී හදිසියේ ම අභාවප්‍රාප්ත විය.
මියයනවිට 54 වැනිි වියේ පසුවූ හෙතෙම දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
හදිසියේම ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට රාත්‍රී 8.30ට පමණ ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පැවසේ.
යුක්තිය පුවත්පතෙන් සිය මාධ්‍ය වෘත්තිය ඇරඹූ කමල් ලියනාරච්චි පසු කාලයක ලක්බිම පුවත්පතේ සේවය කළේය.
මාධ්‍යවේදිනී කමණී හෙට්ටිආරච්චි ඔහුගේ බිරිඳයි