-5.9 C
New York

නව ආයෝජකයන්ට කොටස් වෙළඳ පොළ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙයි

Published:

පසුගිය සති 04ක කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාකම රුපියල් බිලියන 483කින් අඩු වී ඇති අතර දැනට පවතින මිල ගණන් නව ආයෝජකයන්ට වෙළෙඳ පොළට පිවිසීම සඳහා යෝග්‍ය මිල ගණන් බව විශ්වාසය පළ වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 31,903ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම 5,145ක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 218කින් පහළ ගොස් දිනය අවසානයේ එය ඒකක 12,134ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,953
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 273
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 235

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 116
  • එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ට්‍රස්ට් බැංකුව (X) 14%
  • රම්බොඩ ෆෝල්ස් සමාගම 12%
  • අබාන්ස් ෆිනෑන්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වීම

  • ඩීඑෆ්සීසී බැංකුව කොටස් 1,714,000ක් රුපියල් 58.10 බැගින්
  • හෙළ සමාගම කොටස් මිලියන 1.3ක් රුපියල් 16.00 බැගින්

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 609
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 531
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 300

විදේශීය ආයෝජකයන් විසින් අද (17) දිනයේ රුපියල් මිලියන 53ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශිකයන් විසින් රුපියල් මිලියන 11ක ආයෝජන එක්කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 16
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.9
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 4.4
  • එච්සෙනිඩ් සමාගම රුපියල් මිලියන 2.4

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 5.4
  • සණස සංවර්ධන බැංකුව රුපියල් මිලින 4.2
  • ඩිප්ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 2.2
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 1.9

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img