-2.1 C
New York

“හෙද ඉල්ලම් ලබා දෙන්න” යැයි ජනපතිගෙන් උපදෙස්

Published:

රාජ්‍ය සේවයේ අනිකුත් වෘත්තීන්ට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරින්ට උපදෙස් දී තිබේ.

අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

සතියකට පැය 36 ක සේවාවක් ලෙස පැවැති සේවා කාලය පැය 30ක් දක්වා අඩුකිරීම සහ දින 05ක රාජකාරිරයක් ලෙස සැළකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දිමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000ක දීමනාව ලබාදීම, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම, මූලික වැටුපෙන් 1/100ක අගයක් මත අමතර සේවා දීමනාව ලබාදීම, දෙවන ශ්‍රේණියේ සිට පළමුවන ශ්‍රේණියට උසස්වීම් සිදුකිරීම සහ හෙද විශ්වවිද්‍යාල ආරම්භ කිරීම යන ඉල්ලීම් මෙම රැස්වීමේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන තුරු හෙද විද්‍යාල එකතුකර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගට උපදෙස් දුන්නේය.

Related articles

Recent articles

spot_img