spot_img
spot_imgspot_img

පෙට්‍රල් ලීටරය රු. 200 ට ආසන්න වෙයි ? ඉතිහාසයේ වැඩිම මිල වැඩවීම

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම ඉදිරි දිනවල දී කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල පවසයි.

මේ වනවිට තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩකිරීමක් ඉල්ලා ඇති බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත් ඔහු සඳහන් කළේය. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල නොසිතූ විරූ ආකාරයෙන් ඉහළ ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශය තවමත් පිළිතුරක් දී නැත.

මේ වනවිට දිගින් දිගටම පාඩු ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන් ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීමට සිදුවන බව ද අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ඉන්ධන මිල වැඩිකිරීමේ දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 192.00ක් දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 169.00 දක්වාත් අනිවාර්යයෙන් ම ඉහළ දැමීමට සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි. ඒ සඳහා අවසර නොලැබෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව ද තෙල් සංස්ථාව මුදල් අමාත්‍යාංශ්‍ය වෙත දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!