-4.8 C
New York

යුද බිය නිසා ලෝකයේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටේ

Published:

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇති වී තිබෙන උණුසුම් තත්වය හේතුවෙන් ලෝකයේ කොටස් වෙළෙඳ පොළ රැසක් මේ වනවිට පහළ වැටෙමින් තිබේ.

විශේෂයෙන් ම යුරෝපයේ කොටස් වෙළඳ පොළවල මේ තත්වය දක්නට ඇත.

FTSE 100 කොටස් වෙළෙඳ පොළ 1.7%කින් ද පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් කොටස් වෙළෙඳ පොළ 2%කින් ද පහත වැටිණි. විශේෂයෙන් ම විදෙස් රටවලින් එම කො‍ටස්‍ වෙළෙඳ පොළ වෙත ආයෝජන පැමිණීම නතරවී තිබීම විශේෂත්වයකි.

එසේ වුව ද යුක්රේනය සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ සාකච්ඡා කළ යුතුයැයි රුසියාවෙන් මතයක් ඉදිරිපත්වීමත් සමඟ එලෙස කඩා වැටුණු කොටස් වෙළෙඳ පොළ ඊයේ සවස යළි සුළු වශයෙන් ඉහළ යන බව ද පෙනෙන්නට තිබිණි.

Related articles

Recent articles

spot_img