-5.9 C
New York

රජයේ අරමුදල් බදුවලින් නිදහස් කිරීම, කොටස් වෙළෙඳ පොළට තල්ලුවක්

Published:

රජය විසින් හඳුන්වා දී ඇති නව අධිභාර පනත් කෙටුම්පත මගින් බදු පැනවීමට නියමිත අරමුදල් අතුරින් ‍සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල, ‍ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල ඇතුළු රජයේ අරමුදල් 09ක් බදු අයකිරීමෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන සිදුකරනු ලබන අරමුදල් කෙරෙහි සාධනීය ලෙස බලපා ඇති අතර එම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශකයන් ඒකක 13,000 ඉක්මවා ඉහළ යනු ඇතැයි ආයෝජකයන්ගේ විශ්වාසයයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 36,396ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම 3,232 ක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 106කින් පහළ ගොස් දිනය අවසානයේ එය ඒකක 12,364ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 756
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 460
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 229

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී සමාගම කොටස් මිලියන 17
  • කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 16
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් (X) සමාගම 25%
  • සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම 24%
  • සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම  (P) 23%

සංවෘත කවය තුළ ගනුදෙනු වීම

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 390,000ක් රුපියල් 58.00 බැගින්

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 628
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 562
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 295

විදේශීය ආයෝජකයන් විසින් අද (15) දිනයේ රුපියල් මිලියන 47ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 72ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදලින් රුපියල් මිලියන 25ක් විදේශ ආයෝජකයන් ඉවත් කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සොෆ්ට්ලොජික් ‍හෝල්ඩිනිස් සමාගම රුපියල් මිලියන 19
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 3.3
  • රෙජින්ස් සමාගම රුපියල් මිලියන 2.3
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.1
  • රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 0.6

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 28
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 5.5
  • යුනියන් බෑන්ක් රුපියල් මිලියන 2.6
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 1.4

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img