spot_img
spot_imgspot_img

කාලිගේ කොරෝනා පැණි විකුණා රටක් රැවටූ මේසන් බාස්ගේ මල්ලී කොරෝනා සෑදී මරුට

පුවත්

විදෙස්

කොරෝනා සුව කිරීමට දේශීය ඖෂධයක් බව කියමින් “ධම්මික පැණිය” නම් පානයක් සෑදූ බව කියමින් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද කාලි අම්මාගේ ආරූඪයක් ඇතැයි කියන පෙදරේරුවාගේ බාල සහෝදරයා කොරෝනා ආසාදිතව මියගිය බව කෑගල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකුර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බංඩා නමැති 58 හැවිරිදි තිදරු පියෙකි.

ඔහු පසුගිය 12 වැනි දා රාත්‍රී නිවසේ දී මියගොස් ඇති අතර මරණයෙන් පසු කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ මියයන විට කොරෝනා ආසාදිතව සිටි බවයි.

මෙම පානය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා එවකට සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි, කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමතිවරු එම පැණිය ප්‍රසිද්ධියේ ම පානය කර පෙන්වූහ. නමුන් හිටපු සෞඛ්‍ය ඇමතිනිය සහ කතානායක ද කොරෝනා අසාදාතිව ප්‍රතිකාර ගත්හ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!