-4.8 C
New York

ගාලු කොටුව කැතකරන මිනිසුන්ගේ, කසළ ඉවත්කරන ‘විශේෂ අවශ්‍යතා ඇති’ දරුවෝ

Published:

තමන්ට උසස් බුද්ධියක් ඇතැයි කියමින් ගාල්ල කොටුවේ සංචාරයේ යෙදෙන මිනිසුන් විසින් තැන තැන දමා යන කැළි කසළ ඉවත්කිරීම සඳහා විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඉදිරිපත්ව සිටිති.

සති අන්තයේ ගාල්ල කොටුවට පැමිණ විනෝද වී ගිය බුද්ධිමත් මිනිසුන් දමා ගිය කසළ එකතුකරන මේ දරුවෝ විශේෂ අවශ්‍යතා ඇති සාමාන්‍ය පුද්ගලයන්ට වඩා බුද්ධි වර්ධනයෙන් අඩු දරුවෝය.

එවැනි දරුවන්ට අප සමාජය විශේෂයෙන් සැළකිය යුතුය. නමුත් ඔවුන්ට සිදුව ඇත්තේ බුද්ධියෙන් උසස්යැයි කියන ජනතාව විසින් කිසිදු වගවිභාගයක් නොමැතිව තැන තැන දමන කැළි කසළ එකතුකිරීමටය.

මේ කාර්යයේ නිරතවන්නේ Hold hand with hesra සංවිධානයේ විවිධ කාර්යයන් සඳහා සහභාගී වන දරුවෝය. ඔවුහු ගාලු උරුමය පදනමෙන් විශේෂ දිනයක් වෙන්කරගෙන පසුගිය දා ගාලු කොටුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වූහ.

Related articles

Recent articles

spot_img