-4.8 C
New York

විදෙස්ගත ලාංකිකයන් මුදල් එවීම අඩුවීම රටේ ආර්ථිකයට විශාල ලෙස බලපායි

Published:

ආසියාතික රටවලින් විදේශ රැකියාවල නිරතව සිටින පුද්ගලයන් විසින් තම රටටවලට එවා ඇති මුදල් ප්‍රමාණයන් සැළකූ විට අඩුම විදේශ විනිමය ප්‍රමාණයක් විදෙස්ගත රැකියාවල නිරතවූවන්ගෙන් ලැබුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

මෙය මෙරට ආර්ථිකයේ කඩා වැටීමට බරපතල හේතුවක් බව පෙනෙන්නට තිබේ.

2020 සහ 2021 වර්ෂවල දී තම තමන්ගේ රටවලට ඒ ඒ රටවලින් විදේශගත වී සිටින පුද්ගලයන් විසින් එවූ මුදල් ප්‍රමාණයන් සැළකූ විට එය 2020ට සාපේක්ෂව 2021 වර්ෂයේ දී බංග්ලාදේශයේ 15%කින් ද, මාලදිවයිනේ 25.2%කින් එනම් ඇමෙරිකන් ඩොලර් මිලියන 100කින් ද, පකිස්තානයේ 27%කින් ‍හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 6,238කින් ද, පිලිපීනයේ 29.6%කින් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 7,068කින් ද ඉහළ ගොස් ඇත.

එවන් තත්වයක් තුළ 2020ට සාපේක්ෂව 2021 විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ මුදල් ප්‍රමාණය 22.7%කින් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,612කින් අඩු වී තිබේ.

මෙය පසුගිය වසරේ මෙරට ආර්ථිකයේ කඩා වැටීමට හේතු වූ කරුණු අතරට එක් වූ ප්‍රධාන සාධකයකි.

අද (14) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 27,230ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,254ක් විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 11කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය දැක්වුණෙන් 12,470ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 385
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 202
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 136

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 09
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පෙගසස් හොටෙල් සමාගම 16%
  • හුන්නස් ෆෝල්ස් සමාගම 15%
  • එච්ඩීඑච්සී සමාගම 09%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 650
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 566
  • කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 248

විදේශීය ආයෝජකයන් විසින් අද (14) දිනයේ රුපියල් මිලියන 39ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 80ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදලින් රුපියල් මිලියන 41ක් විදේශ ආයෝජකයන් ඉවත් කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 09
  • රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 6.9
  • සොෆ්ට්ලොජික් ‍හෝල්ඩිනිස් සමාගම රුපියල් මිලියන 5.1
  • බයිරහා ෆාර්ම් සමාගම රුපියල් මිලියන 2.4
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 1.3

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 50
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 11
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 3.4
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 3.2
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 1.6

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img