-4.8 C
New York

චමුදිතගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක්. පැමිණ ඇත්තේ කාරයකින් බව චමුදිත කියයි

Published:

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම 2.00ට පමණ  මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඔහු පදිංචි පිළියන්දල  කේම්බ්‍රිජ් කොර්ට් නිාවස සංකීර්ණට කාරයකින් පැමිණි මැර පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. එහි ප්‍රධාන ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කර ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා බියවද්දා එතැන එක් පුද්ගලයකු රැඳී සිට ඇති අතර තවත් කණ්ඩායමක් චමුදිත පදිංචි නිවස සොයා පැමිණ ඇත.

චමුදිත පවසන්නේ තම නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වූ බවයි. ඒ අතර වෙඩි තැබීමේ ශබ්ද කිහිපයක් ද ඇසුණු බව ඔහු ප්‍රකාශකර සිටියේය.

ඔහු මේ බව පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. ප්‍රහාරය සඳහා සිව් දෙනකු පැමිණ ඇති බව විශ්වාස කරේ.

චමුදිත සමරවික්‍රම හිරු නාලිකාවේ දේශපාලන වැඩසහන් සහ පත්තරේ විස්තරේ මෙහෙයවන නිවේදකයකු ලෙස කටයුතු කරන අතර යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යයි.

ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

Related articles

Recent articles

spot_img