spot_img
spot_imgspot_img

ඔබේ දරුවාත්, රකුසෙකුට ගොදුරු විය හැකියි. ආදර‍ය රකුසු වෙස් ගන්නා දිනය හෙට

පුවත්

විදෙස්

වැලන්ටයින් නමැති පූජකයකුගේ නමින් සිදුකරන ලද සැමරුමකට වැරදි අර්ථකථනයක් දීමෙන් තරුණ පරපුර සෑම වසරකම පෙබරවාරි 14 වැනි දා තම ජීවිතය ගැටලුකාරී තත්වයකට පත්කරගන්නා බව සමාජ සමීක්ෂකයෝ පෙන්වා දෙති.

යොවුන් වියේ දී ඇතිවන ආදාරය සාමාන්‍ය දෙයක් වුව ද මේ ආදරයට මුවා වී දරුවන් අපචාරයට ලක්කිරීම සිදු නොවිය යුතු බව ඔවුන් පවසයි. එසේ වුව ද වසර කිහිපයක සිට විවිධ මාධ්‍ය ආයතන විසින් තම ආදායම් ඉලක්ක කරගනිමින් අළෙවි කරනු ලබන “ආදරවන්තයන්ගේ දිනය” සංකල්පය හේතුවෙන් බෙහෝ දරු දැරියෝ අමාරුවේ වැටෙන බව සමීක්ෂකයන්ගේ මතයයි.

ආදරවන්ත‍යන්ගේ දිනය ලෙස අර්ථකථනය කර ඇති පෙබරවාරි 14 වැනි දා බාල වයස්කාර දරු දැරියෝ තම පෙම්වතුන් පෙම්වතියන් සමඟ එම දිනය සැමරීම  සඳහා විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙති.

සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ 2020 පෙබරවාරි 14 වැනි දා වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 70,000ක පමණ පිරිසක් තම පෙම්වතුන් සමඟ කාමර පහසුකම් සපයන ස්ථානවලට ගොස් ඇති බවයි.

මේ පිළිබඳ දෙමාපියන්ගේ අවධානය යොමුවිය යුතු බව පොලිසිය පවසයි.

රටේ ඇති නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු තරුණයකු හෝ තරුණියක ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිය හමුවේ වරදකි. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදුවුව ද එය වරදක් ලෙස සැළකේ.  බොහෝ පාසල් දරු දැරියෝ මාධ්‍ය ආයතනවලින් “ආදරවන්තයන්ගේ දිනය” යනුවෙන් ලබාදෙන ප්‍රචාරය හේතුවෙන් තම පෙම්වතාට හෝ පෙම්වතිය සමඟ එදින සැමරීම සඳහා කාමර පහසුකම් සපයන ස්ථානවෙත යාමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.

උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ ආදරවන්තයන්ගේ දිනයේ දී දරු දැරියන් දෙමාපියන්ට කවර හෝ ආකාරයෙන් බොරුවක් කියා තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ තනිවීමට උත්සාහ ගන්නා බවයි. එදිනට කාමර පහසුකම් සපයන ආයතන පිරී ඉතිරීයන බවත් මේ සියලු ස්ථාන වැටලීම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බවත් පොලිසිය පවසයි.

මේ නිසා ම තම දරුවන් ආදරවන්තයනේගේ දිනය සහ එදිනට සමීප දිනයන්හි යන එන ගමන් බිමන් පිළිබඳ වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙස ද පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

ක්‍රිස්තුපූර්ව 268 – 270 ක්ලෝඩියස් රජු රෝමයේ තරුණයන්ට විවාහ වීම තහනම් කළ අවස්ථාවේ දී ඊට එරෙහි වෙමින් වැලන්ටයින් නම් සාමිවරයකු තරුණ තරුණියන් විවාහ කරදීමට කටයුතු කර තිබේ. පසුව රජු එම සාමිවරයා සිරගත කළ අතර තරුණ තරුණියන් ඔහු වෙනුවෙන් ආශිර්වාද පූජා පැවත්වා තිබේ. තවත් උරණ වූ රජු වැලන්ටයින් සාමිවරයාට මරණ දඩුවම පැණවූයේය. ඔහුගේ හිස ගසා දමන ලද්දේ ක්‍රිස්තු පූර්ව 270 පෙබරවාරි 14 වැනි දිනදීය.

පසුව මේ දිනය “වැලන්ටයින් ඩේ” ලෙස ප්‍රකට වූ අතර මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පෙබරවාරි 14 දිනය “ආදරවන්තයන්ගේ දිනය” ලෙස සැමරීම මාධ්‍ය ආයතනවලින් විශාල වශයෙන් ප්‍රචාරය කිරීම හේතුවෙන් එය දැන් මෙරට පාසල් දූ දරුවන් අතර ප්‍රචලිත සැමරුමක් බවට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ උත්තරීතර ආදරය වෙනුවෙන් සියලු දේ කැපකර වංචාකාරයන්ට නොරැවටී සිටින ලෙස දෙමාපියන් දරුවන්ට උපදෙස් දිය යුතු බවයි. එමෙන්ම ආදරය උමතුවක් බවට පත්කරන වාණිජ රැල්ල හමුවේ ඔබේ දරුවන්ද ඊට ගොදුරක් විය හැකි බැවින් දරුවන් ගැන වඩාත් විමසිල්ලෙන් පසුවන‍ ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!