-5.2 C
New York

වී වගාව අසාර්ථක වූ ගොවීන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයේ

Published:

පොළොන්නරුව, ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ජයසිරිපුර ගම්මානයේ ගොවියෝ තම වී වගාවන් අසාර්ථක බව පවසමින් ජීවත්වීම සඳහා වන්දි මුදල් ඉල්ලා අද (12) උද්ඝෝෂණයක නිරත වූහ.

නිසි ලෙස පොහොර නොලැබීම හේතුවෙන් මෙවර වගාව අසාර්ථකවීම හේතුවෙන් ජීවත්වීමට හැකියාවක් නොමැති බව ඔවුහු පවසති. “හානි වූ වගාවට වන්දි දියව්” යන සටන් පාඨය ඉදිරිපත් කරමින් ඔවුහු කුඹුරුවලට බැස කළු කොඩි ඔසවා උද්ඝෝෂණය කළහ.

තම වගාවන් කරගෙන යාම සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදෙන ලෙසත්, කෘෂි උපකරණ ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

ගොවි ජාතික සමුළුවේ මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

(රුමේෂ් එම්.වීරසේකර)

Related articles

Recent articles

spot_img