කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ අද (12) මේ අවස්ථාව වනවිට හින්දු ආගමික පූජාවක් සිදුවෙමින් පවතී. කොරෝනා ආසාදිතව මියගිය හින්දු ආගමික පුද්ගලයකුගේ මළ සිරුරකට ආගමික වතාවත් පැවැත්වීම සඳහා කුකුළකු ද රැගෙන පොලිස් මෝචරියට පැමිණ මෙම පූජාව සිදුකරන බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවැනි පූජාවන් සහ විවිධ ආගමික පුද්ගලයන් සඳහා මළ සිරුරු පෙන්වීම, මළ සිරුරු නහවා පිරිසිදු කිරීමට බව පවසමින් කොළඹ පොලිස් මෝචරියේ සේවකයෝ ද යහමින් මුදල් ගරන බව එම කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ ඥාතීහු කියති.
විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයකු කොරෝනා ආසාදනය වී මියගිය විට ඔවුන්ගේ ඥාතීන්ට මළ සිරුර පෙන්වීමට සහ නහවා පිරිසිදු කිරීමට බව කියමින් රුපියල් 1,000.00 සිට රුපියල් 50,000.00ක් දක්වා මුදල් ගැනීමට පොලිස් මෝචරියේ සේවකයෝ කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෝචරි පරිශ්‍රයෙන් ඉවත්ව ගිය පසු රාත්‍රී කාලයේ දී විවිධ පූජාවන් එහි පවත්වන බවත් අද (12) සෙනසුරාදා දිනය බැවින් දහවල් කාලයේ දී ද එවැනි පූජාවක් පවත්වන බවත් දැනගන්නට ඇත.
පොලිස් මෝචරියේ ම නිලධාරියකු අප සමඟ කියා සිටියේ සිරුරු නහවා පිරිසිදු කරන බව පවසමින් රුපියල් 10,000.00 – 15,000.00 මියගිය අයගේ ඥාතීන්ගෙන් ලබාගත්ත ද එවැනි නැහැවීමක් සිදු නොකරන බවයි.
යමකු මියගිය විට දුකටපත් ඥාතීන්ගෙන් මෙලෙස මුදල් ගරාගන්නා රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය තම ජාවාරම ආරම්භ කරන්නේ වාට්ටුවක සිට මළ සිරුර මෝචරියට රැගෙන එන අවස්ථාවේ දී ය. එම අවස්ථාවේ දී PCR පරීක්ෂණ කඩිනමින් කරදෙන බව පවසා රුපියල් 2,000.00ක පමණ මුදලක් ඉල්ලා ගැනීමට ඔවුහු පුරුදුව සිටිති.
මීට අමතරව රජයෙන් නොමිළයේ ලබාදෙන මිනී පෙට්ටිපවා ඥාතීන්ට විකුණා මුදල් ගරන බවට ද චෝදනා එල්ල වී තිබේ.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට පැමිණිලි ගණනාවක් සිදුකර ඇතත් මෙතෙක් ඒවා සියල්ල වාර්තාවලට පමණක් සීමා වී තිබීම ගැටලුවකි.