ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා විසින්, ඩේලි මිරර් මාධ්‍යවේදී දනූ ඉන්නසිතම්බි ට එරෙහිව ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය සහ පදනම් විරහිත බව පවසමින් රුපියල් කෝටි 20ක වන්දියක් ඉල්ලා දනූගේ නීතිඥවරිය පුෂ්පිකා ද සිල්වාට එන්තරවාසි යවා තිබේ.
නීතිඥ සමන්මලී සෙනවිරත්න විසින්, දනූගේ උපදෙස් මත යවා ඇති එම එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ දින 14ක් ඇතුළත අදාල මුදල නොගෙවන්නේ නම් පුෂ්පිකා ද සිල්වාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
ලෝක රූ රැජින තරඟය සංවිධානය කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ටානා ජෝන්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ දනූට මරණ තර්ජන කළ බවට දනූ විසින් පසුගිය දා මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනුකර තිබිණි.
ටානා ජෝන්ස් සහ චන්දිමාල් ජයසිංහ සමඟ දනූ සිදුකළ සාකච්ඡාවල දී නගන ලද ප්‍රශ්න වෙනත් කාන්තාවක විසින් හිතාමතා ම පුෂ්පිකාට පහර එල්ලකිරීමට සකසා දුන් බවට පුෂ්පිකා චෝදනා එල්ල කර තිබිණි.
එම චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බැවින් එවැනි චෝදනා එල්ලකිරීමෙන් වයස අවුරුදු 16 සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින දනූගේ කීර්තිනාමයට හානි සිදුවන බව පවසමින් නීතිඥවරිය විසින් පුෂ්පිකා ද සිල්වා වෙත එන්තරවාසි යවා ඇත.