spot_img
spot_imgspot_img

මියගිය යාචකයකු සතුව තිබූ ලක්ෂ 04කට ආසන්න මුදලක් හමුවෙයි

පුවත්

විදෙස්

සිඟමන් යදිමින් ජීවත් වූ පුද්ගලයකු මියගිය පසු ඔහුගේ ඇඳුම්වල තිබී රුපිියල් ලක්ෂ 04ට ආසන්න මුදලක් සොයාගත් බව හක්මණ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හක්මණ නගරයේ සිටි යාචකයෙකි. ඔහු හක්මණ කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ.එස්.විමලදාස ලෙස (69) නමැති අයෙකි. ඊයේ (10) දහවල් ඔහු පදිංචි නිවස අසළ ඇති කන්දෙන් පහළට පෙරැළී ගොස් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

කුඩා නිවසක තනිවම ජීවත් වූ ඔහු අවිවාහකයෙකි. හේවිසි වාදන ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු පසුව නගරයේ සිඟමන් යදිමින් ජීවත්ව සිටියේය.

හදිසි මරණ පරීක්ෂක ඩී.ගලගම විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.

එම පුද්ගලයා ජීවත් වූ නිවස පරීක්ෂා කිරීමේ දී කොට කලිසමක සාක්කුවේ තිබී මෙම මුදල් ප්‍රමාණය සොයාගෙන ඇති අතර හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ එය ගණනය කර තිබිණි.

පොලිසිය පවසන්නේ එහි තිබී රුපියල් 384,867.00ක මුදලක් හමුවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!