අම්බලන්තොට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් පළ කරන ලද මාධ්‍ය වාර්තාවක් හේතුවෙන් කුපිත වූ කාන්තවක විසින් තමන්ට දුරකථනයෙන් බැන තර්ජනය කළැයි පවසමින් මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙරට ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිකු වන අතර ඔහු තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් විවිධ රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගනිමින් ලිපි සම්පාදනයේ නිරත වෙයි. ඔහු කරන ලද ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය වෙනුවෙන් සම්මාන පවා දිනා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, තවාළුවිල හා පුහුල්යාය වසම්වලට අයත් කුඹුරු ඉඩම් නීති විරෝධී ලෙස ගොඩකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගොවිජන සේවා දෙපාර්තමෙන්තුව මගින් ලැබුණු තොතරු පාදක කරගනිමින් ඔහු පසුගිය පෙබරවාරි 08 වැනි දා ‘අද’ පුවත්පතට ලිපියක් සම්පාදනය කර තිබිණි.
මෙම ඉඩම් ගොඩකිරීම් සිදුවන්නේ නීති විරෝධීව වුව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද රාහුල් තම ලිපිය මගින් අවධාරණය කර තිබිණි.
එම ඉඩම් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩකළ බව පවසන පුද්ගලයාගේ මව යැයි කියා ගන්නා කාන්තාවක් විසින් මාධ්‍යවේදියාට බැන තර්ජනය කර තිබේ. මේ බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් ඉකුත් බදාදා (09) ගොනුකළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
රාජ්‍ය නිලධාරීන්න තම වගකීම් පැහැර හරිමින් නීති විරෝධී කටයුතු සිදුවීමට ඉඩ දී බලා සිටින අවස්ථාවක ගවේෂණාත්මක මාධ්‍යවේදියාගේ කාර්යභාරය වන්නේ ඒ බව ජනතාවට හෙළි කිරීමයි. එවැනි හෙළිදරව්වලින් මෙරට බොහෝ දූෂණ අක්‍රමිකතා සහ අනීතික කටයුතු වැළකී ගිය අවස්ථා පිළිබඳ ඉතිහාසයක් තිබේ.
එසේ වුව ද නීති විරෝධී කාර්යයේ යෙදුණු පාර්ශවය විසින් ඒ බව හෙළිදරව් කළ මාධ්‍යවේදියාට බැන තර්ජනය කිරීමට තරම් ඔවුන්ගේ බලය වර්ධනය වී ඇති අවස්ථාවක මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කිරීමත් පාඨකයාට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂා කර දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහා ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීම පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීම වෙයි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් ලියන ලද ලිපිය මෙතැනින්
