-5.9 C
New York

වෛද්‍යවරුන්ගෙන් නව වෘත්තීය සමිතියක් එයි

Published:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවන් පවා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස තනතුරුවල රැඳී සිටින අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායමට එරෙහිව වෛද්‍යවරුන් නව වෘත්තීය සමිතියක් ආරම්භ කර තිබේ.

දිගින් දිගටම තම වෘත්තීය ගරුත්වය කෙළසමින් සහ පුද්ගලික අරමුණු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය පාවාදෙන අනුරුද්ධ පාදෙණිය පාර්ශවයේ ක්‍රියාකලාපයට විවෘතව අභියෝග කරමින් මෙම නව වෘත්තීය සමිතිය පිහිට වූ බව වෛද්‍ය චමල් සංජීව පවසයි.

වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවා ඇති අතර එය “වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය” ලෙස නම්කර තිබේ.

වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ දැනටමත් පාදෙණිය පාර්ශවයට එරෙහිව ස්වාධීන වෛද්‍යවරුන් මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තීය සමිති ද මෙම නව වෛද්‍ය වෘත්තී්‍ය සමිතිය හා එක්වෙමින් සිටින බවයි.

නව වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය චමල් සංජීව, ලේකම් ලෙස ‍වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කටයුතු කරයි.

සැලකිය යුතුයි

මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයකට හෝ පුද්ගලයකුට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ පැහැදිළිකිරීම් ද මෙම වෙබ් අඩවියේ මේ හා සමාන ඉඩක් වෙන්කර පළකරන බව දැනුම් දෙන්නෙමු.

වෛද්‍ය චමල් සංජීව
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

Related articles

Recent articles

spot_img