-2.5 C
New York

තෙවන කාර්තුවේ සමාගම් අධික ලාභ උපයද්දී කොටස් වෙළෙඳ පොළ පහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිතුගත සමාගම් 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට නියමිත මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති අතර සමාගම් රැසක් අධික ලාභ උපයා තිබේ. එසේ වුව ද මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ අසාමාන්‍ය ලෙස පසුබෑමක් පෙන්නුම් කරයි.

අද (08) දිනයේ දී ද කොළම කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 249ක් පහළ වැටුණු අතර දිනය අවසානයේ මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,382ක් ලෙසිනි.

ඒ අද දිනයේ ගනුදෙනු 56,444ක් සිදුකරමිනි. එහි දී වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 5,374කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 867
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 639
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 282

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 34
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
  • කමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිටිසන් ඩිවලොප්මන්ට් බෑන්ක් 25%
  • සිටිසන් ඩිවලොප්මන්ට් බෑන්ක් (X) 18%
  • සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් 15%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 621
  • එල්ඕඑල්සී සමාගම බිලියන 526
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 269

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් 725,000ක් රුපියල් 28.00 බැගින්
  • ටෙක්චර්ස් ජර්සි සමාගම කොටස් 736,000ක් රුපියල් 46.50 බැගින්

විදේශීය ආයෝජකයන් විසින් ඊයේ (03) දිනයේ රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 64ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට රුපියල් මිලියන 60ක මුදලක් ආයෝජනය කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 48
  • කැලණිවැලි වැවිලි සමාගම රුපියල් මිලියන 09
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 07
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 06
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 34
  • නෙස්ලේ සමාගම මිලියන 08
  • ඊබීඩී සමාගම (X) රුපියල් මිලියන 07
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05
  • සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img