-4.8 C
New York

අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කරයි

Published:

අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය සංචරයත්, ඒ සඳහා ජෙට් යානයක් ත්‍යාගයක් ලෙස ලබාගනිමින් අල්ලස් පනත කඩකර ඇතැයි යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනක් කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබේ.

අගමැතිවරයාගේ මෙම සංචාරය අල්ලස් පනත උල්ලංඝනය කරන බවට මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වැනි දා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

අංක බීසී/181/2022 සහිතව 2022 පෙබරවාරි 02 දිනැතිව  අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරාගේ අත්සනින් එන ලද ලිපියකින් මාධ්‍යවේදී උඩුවරගෙදරට ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔහුගේ පැමිණිල්ල පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විමර්ශනයක් කිරීමට තීරණය කළ බවයි.

Related articles

Recent articles

spot_img