-1.1 C
New York

බල්ලෙකු නිසා ඇතිවූ ආරවුලකින්, මල්ලී අයියාගේ බෙල්ල කපා ඝාතනය කරලා

Published:

බල්ලකු නිසා සහෝදරයන් දෙදෙනක අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සහෝදරයකු විසින්  තවත් සහෝදරයකු ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි.

මෙ‍ෙලස මියගොස් ඇත්තේ ලියනආරච්චි කම්කානම් පතිරණගේ රංජිත් (41) නමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

මියගිය තැනැත්තාගේ වැඩිමහල් පුත්‍රයා බල්ලෙකු විසින් සූරා ඇත. මෙලෙස තම පුතා සීරූ බල්ලා මාරා දැමීමේ අරමුණෙන් පිහියක් රැගෙන තම බාල සහෝදරයාගේ නිවසට පැමිණ ඇත. බල්ලා මරා දැමීම වැළැක්වූ බාල සහෝදරයාගේ බිරිඳගේ අත පිහියට කැපී තුවලා සිදුව ඇති අතර බාල සහෝදරයා පොරවක් ද රැගෙන එම ස්ථානයට පැමිණ තිබේ. ඔහු පොරොවේ මිටෙන් තම වැඩිමහල් සහෝදරයාට පහර දී එකිනෙකා බිම පෙරෙළෙමින් පොර බදා ඇත.

පසුව බාල සහෝදරයා විසින් තම වැඩිමහල් සහෝදරයා බල්ලා ඝාතනය කිරීමට රැගෙන ආ පිහිය උදුරාගෙන ඉන් තම සහෝදරයාගේ ගෙල කපා ඇත.

තුවාල ලැබූ කාන්තාව ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img