spot_img
spot_imgspot_img

ඉදිකිරිම් නවතී, ඉන්ධන දීමනා කපාහරී, රට සවාරි වැඩමුළු තහනම්, ආණ්ඩුව පටි තදකරයි

පුවත්

විදෙස්

දැනට ඉදිකරමින් පවතින රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු වසර දෙකකට අත්හිටුවීම, මැති ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන ඉන්ධන දීමනාව ලීටර 05කින් කපා හැරීම, රජයේ සියලුම අයාතනවල විදුලිබිල 10%කින් අඩුකිරීම ඇතුළු රජයේ වියදම් පාලනය කිරීමේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ඒ අනුව 2022 වර්ෂයේ අයවැයෙහි සඳහන් සීමා තුළ අමාත්‍යාංශ සිය සියලුම වියදම් කළමනාකරණය කරගත යුතුයි. වෙනත් අමතර ප්‍රතිපාදන සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවට ද උපදෙස් දී තිබේ.

මීට අමතරව රජයේ ආයතන සඳහා වාහන මිල දී ගැනීම අත්හිටුවා ඇති අතර ආයතයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යම තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා හැර ඒකාබද්ධ අරමුදලින් වියදම් දරන්නට වන නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම ද අත්හිටුවීම සිදුවෙයි. දේශීය අරමුදල් භාවිතා කරමින් නිලධාරීන් සඳහා විදේශ අධ්‍යයන චාරිකා සංවිධානය නොකළ යුතු බවත් දේශීය අරමුදල් යොදවා සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද නවතා දැමීමට තීරණය කර තිබේ.

එමෙන් ම නව ගොඩනැගිලි කුළියට ගැනීම නොකරන ලෙස ද සියළුම රාජ්‍ය ආයතනවෙත උපදෙස් නිකුත් කර ඇත.

අමාත්‍යාංශ හෝ ආයන මට්ටමින් නිකුත් කරනු ලබන අභයන්තර උපදෙස් මත නිල අධිකාරී බලයක් නොමැතිව විවිධ දීමනා ගෙවීම නොකරන ලෙසත්, ව්‍යාපෘතිවලට අදාළ අතැති හෝ නිරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් නොකර නව කාර්යයන් ආරම්භ නොකළ යුතුයැයි ද උපදෙස් දී තිබේ.

මීට අමතරව 2022-01-12 රාජ්‍ය මුදල් චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමෙන් දුරකථන වියදම් පාලනය කිරීමට නියමිතය 2021 පනතේ 06 (01) වගන්තිය අනුව නව කාර්යයන් සඳහා අමතර ප්‍රතිපාදන ඉල්ලීම් ඉදිරිපත් නොකරන ලෙස ද උපදෙස් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!