spot_img
spot_imgspot_img

උසස් පෙළ විභාගය අද ඇරැඹේ

පුවත්

විදෙස්

2021 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් මෙලෙස කල් දැමිණි.

අද ආරම්භවන විභාගය මාර්තු මස 05 වැනි දිනය දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437ක් පිහිටුවා ඇති අතර විභාගයට පෙනී සිටින පාසල් සිසු සිසුවියන් සංඛ්‍යාව 279,141කි. එමෙන් ම පුද්ලික අපේකෂකයන් 66,101ක් ද විභාගයට අයදුම් කර ඇති බැවින් සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 345,242කි.

කොරෝනා ආසාදිතව සිටින විභාග අපේක්ෂකයන් සඳහා ද විභාග මධ්‍යස්ථාන 29ක් ස්ථාපිත කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ නිරෝධායනය වෙමින් සිටින යම් අපේක්ෂකයකු සිටින්නේ නම් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධයස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන අයකු බව අදාළ ශාලාධිපති වෙත දැනුම් දීම කළ යුතු බවයි. එවිට ඔවුන්ට විභාගය පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් වෙනම සම්පාදනය කිරීමට විභාග ශාලාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!