පෙම්වතාගේ පිහි ඇනුමකින් මියගිය 15 හැවිරිදි දැරියගේ සිරු සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් උදා වී තිබේ.
පසුගිය පෙබරවාරි 01 වැනි දා 17 හැවිරිදි පෙම්වතා විසින් ඇයට පිහියෙන් ඇන ඇති අතර කන්තලේ රෝහලට ඇතුළත් කළ ඇය කොරෝනා සඳහා පරීක්ෂාකිරීමේ දී කොරෝනා ආසාදිතයකු නොවේ යැයි තහවුරු කරගෙන තිබිණි.
ඇයට රෝහලේ ප්‍රතිකාර කරමින් සිටිය දී කෑගල්ල රෝහලට ඇය මාරුකර යැවූ බව ඥාතීන්ට දැනුම් දී ඇතත් කෑගල්ල රෝහලේ ඇය පිළිබඳ සොයා බැලීමේ දී එවැනි රෝගියකු එහි රැගෙනවිත් නැතැයි කෑගල්ල රෝහලේ බලධාරීන් විසින් දැනුම් දී තිබිණි.
පසුව අද (05) දඹුල්ල මහ රෝහලේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ ඇය දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි.
මෙය ඝාතනයකි. ඝාතනය් හේතුවෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර භූමදාන කළ යුතුය. ඝාතනයකට ලක්වූ සිරුරක් පුළුස්සා දැමීමට හැකියාවක් නැත.
නමුත් දඹුල්ල රෝහලෙන් ඥාතීන්ට පවසා ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බැවින් සිරුර භාරදිය නොහැකි බවයි.
මෙම පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නිසිපරිදි යුක්තිය ඉටුකරන ලෙස දැරියගේ ඥාතීහු ඉල්ලා සිටිිති.