spot_img
spot_imgspot_img

කොස්තාපල්ට පොරවකින් කෙටූ පුද්ගලයෙක් වස බොයි. දෙදෙනාම රෝහලේ

පුවත්

විදෙස්

අම්බලන්තොට දී පොරෝ පහරක් එල්ලවීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් ද ඔහුට පහර දී වස පානය කළ පුද්ගලයකු ද රෝහල් ගතකර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට නගරයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් කොස්තාපල්වරයෙකි. තුවාල ලැබූ කොස්තාපල්වරයා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ.

මීට දින කිහිපයකට පෙර බීමත්ව රිය පැදවූ පුද්ගලයකුට නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වූ එම පුද්ගලයා විසින් කොස්තාපල්වරයාට පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ‍පොලිස් නිලධාරියාට පහරදුන් ඔහු වස පානය කිරීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!