spot_img
spot_imgspot_img

Facebook නමින් එන උගුලට හසුවෙන්න එපා

පුවත්

විදෙස්

ෆේස්බුක් ආයතනයෙන් පණිවිඩයක් එවන ආකාරයෙන් පණිවිඩයක් එවා පරිශීලකයන්ගේ User name සහ Password සොරකම් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ සඳහා ඔවුන් ඉලක්ක කරගෙන ඇත්තේ වැඩි මිතුරු මිතුරියන් සංඛ්‍යාවක් සිටින Facebook Profile සහ හොඳ ක්‍රියාකාරීත්වයක් සහ වැඩි අවදානයකට ලක්ව ඇති Facebook Page ය.

එහි දී ඔබට කමෙන්ටුවක් ලෙස පණිවිඩයක් ලැබෙයි. මේ පණිවිඩයෙන් දැක්වෙන්නේ ආරක්ෂිත ප්‍රශ්නයක් පිළිබඳ ඊමේල් පණිවිඩ මගින් ඔබව මීට පෙර අවස්ථා කිහිපයක දී ම දැනුම්වත් කර ඇතත්, ඔබ ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බැවින් මේ ඔබගේ ප්‍රොෆයිල් එක හෝ ෆේස්බුක් පිටුව සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

මෙයින් වැළකීමට නම් පහත සඳහන් සබැඳියට ගොස් අදාල උපදෙස් අනුගමනය කරන ලෙස ද මේ පණිවිඩයේ දැක්වේ.

නමුත් මේ පිළිබඳ ඔබ නිවැරදිව අවධානය යොමු කළහොත් ඔබට එවැනි පණිවිඩයක් ඊමේල් ලිපිනයට ‍facebook වෙතින් ලැබී නැති බව සොයාගැනීම අපහසු නොවනු ඇත. එමෙන්ම ඔබ කලබලයට පත්ව ඔවුන් දී ඇති සබැඳියට ගොස් අවශ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට උත්සාහ ගතහොත් ඔබගේ User name සහ Password එම සබැඳියට එකතුකිරීමට ඔබට සිදුවෙයි.

එසේ එකතුකළ විට ඔබගේ User name සහ Password වෙනත් පාර්ශවයක් සතුවෙයි.

එබැවින් Facebook  ආයතනයෙන් එවන පණිවිඩයක් ලෙස එන මේ පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු නොවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු

මේ එවැනි පණිවිඩයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!