spot_img
spot_imgspot_img

දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්

පුවත්

විදෙස්

පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු විශ්ලේෂණයෙන් පෙනී යයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත්, ජනතාවටත් ලබාදෙන්නේ සත්‍ය තොරතුරුනම් මෙය ඉතාමත් භයානක තත්වයකි. නමුත් ඔවුන් සංඛ්‍යාලේඛන සඟවමින් කොරෝනා වසංගතය ආරම්භ වූ දා පටන් රටේ ජනාධිපතිවරයාත්, ජනතාවත් නොමග යැවූ ආකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලිය යුතුයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධයස්ථානය විසින් දෛනිකව නිකුත් කරන වාර්තාව අනුව පෙබරවාරි 01 වැනි දා දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 554ක් වාර්තා වී ඇති අතර 02 වැනි දා වාර්තා වූ ආසාදිතයන් ගණන 599 කි. පෙබරවාරි 03 වැනි දා දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයන් 598 දෙනකු වාර්තා වූ අතර අද (04) වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 862කි. ඒ අනුව ගත වූ දින 04ක කාලයේ දී දකුණෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සමස්තයක් ලෙස 2613 දෙනකු වන අතර ඉන් 1,420ක් ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 747ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 446කි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය දෛනිකව නිකුත් කරනු ලබන සංඛ්‍යාලේඛන අනුව ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් ම වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4717කි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලබන දත්ත වාර්තාව අනුව රටේ සමස්ත කොරෝනා ආසාදිතන්ගෙන් 55.39%ක් ම ගාල්ල, මාතර, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් වාර්තා වීම විශේෂත්වයකි.

මේ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය වහාම යොමුවිය යුතු බව නොරහසකි. සෞඛ්‍ය අංශ ව්‍යාජ දත්ත ඉදිරිපත් කරන්නේ නම් එය හිතාමතාම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදයට ලක්කිරීමට ගන්නා සැළසුම් සහගත ක්‍රියාමාර්ගයක් විය හැකියැයි  rata.lk අපි ප්‍රකාශ කරන්නෙමු.

මේ දත්ත නිවැරදිනම් රටේ කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා සිටින්නේ දකුණු පළාතේ නම් දකුණ කේන්ද්‍ර කරගනිමින් කොරෝනා මර්ධන විධිමත් වැඩපිළිවෙලක් වහාම ආරම්භ කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!