3.2 C
New York

කටුපොල් නඩුවෙන්, හිමියන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්

Published:

කටුපොල් වගාවකට හානිකළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් හරිස්චන්ද්‍ර පැල්පොළ නියෝග කළේය.

අදාල සැකකරුවන් 2019 අගෝස්තු මස 23 වැනි ආ අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ම අත්අඩංගුවේ තබාගැනීමෙන් පසු ඇප මත නිදහස් කර තිබිණි. මේ සම්බන්ධයෙන් නඩුව අවස්ථා කිහිපයක් ම කල් ගොස් පසුගිය දා බද්දේගම මහේස්ත්‍රාත් උසාවියේ දී විභාගයට ගැණිනි. විභාගයට ගත් පළමු දිනයේ දී ම පැමිණිල්ලේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි නොවිමසා ම විත්තිකරුවන් තිදෙනා නිදොස් කර නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

නමුණුකුල වතු සමාගම විසින් රාත්‍රී කාලයේ කටුපෝල සිටිවුමින් සිටිය දී ගම්වාසීන් පිරිසක් සමඟ එම ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී පැලවලට හානි කිරීම සහ ගබඩා කාමරයක් කඩා එහි තිබූ උපකරණ පැහැරගත් බවට බලගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති සහ පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන්ට, නිශාන්ත අල්විස් සහ සමන් කුමාර යන දෙදෙනාට එරෙහිිව මෙලෙස චෝදනා ගොනුකර තිබිණි.

විත්තිකුරුවන් වෙනුවෙන් නීතිඥ චින්තා එස්. රොඩ්‍රිගු, නීතිඥ නයනකීර්ති අබේවීර සහ නීතිඥ ලසන්ත විජේනායක යන තිදෙනා පෙනී සිටියහ.

Related articles

Recent articles

spot_img