නිවසට වී නොසිටියහොත් කොරෝනා පාලනය කරන්න බෑ.

0
82

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරයමින් පවතින තත්ත්වයක් තුළ ජනතා සහය නොලැබෙන්නේ නම් පාලනය කිරීමට නොහැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

‘’අපි තීරණාත්මක තැනකට ඇවිත් තියෙන්න්. තවමත් මෙය පැතිරීම පාලනය යටතේ පවතිනවා. මේ සඳහා මහජනතාවගේ සහයෝගය උපරිමයෙන් ම අවශ්‍යයි. ඒ සහය නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය කළ නොහැකි වේවි.” යැයි හෙතෙම පැවසීය.

මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ (23) දිනයේ දී ය. එම සංඛ්‍යාව 865කි. වෛද්‍ය හේරත් මහතා පවසන්නේ මේ දිනවල වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මේ තත්ත්වය ජනතාව තේරුම්ගත යුතු බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය නොකළහොත් වයිරසය පැතිරීයාම වැළැක්විය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි. වැදගත්ම වන්නේ මහජනතාව අත්‍යාවශ්‍යම කාරණයකට හැර තම නිවසින් බැහැරව නොගොස් සිටීම ඉතාමත් වැදගත් බවයි. හදිසි අවශ්‍යතාවකට නිවසින් නිරෝගී පුද්ගලයකු පමණක් බැහැරට යාම සුදුසු බවත් වෛද්‍ය හේරත් මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here