-2.1 C
New York

වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන කතා කිරීම සුදුසු නෑ

Published:

“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අපි සියලු දෙනාට ම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කර අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වෙන්නේ නෑ.” යැයි ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ අද (04) 74 වැනි ජාතික නිදහස් දින උත්සවයේ දී කීවේය.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී මෙම උළෙල සංවිධානය කර තිබිණි.

“රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය නොලැනෙ බව අපි දන්නවා. වෙනස් විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නැහැ. අනාගතය දෙස සුබවාධීව බලන චින්තනයකින් පමණයි අපිට සාර්ථකත්වය ළඟා කරගත හැකිවෙන්නේ. විවේචනයට පමණක් පුරුදු වූ අයට අනාගතය ගැන දැක්මක් නෑ.‍ මෙහි දී දේශීය වගේ ම විදේශීය බලවේගත් අපිට එරෙහිව සංවිධානය වෙනවා. නායකයකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නවලින් පලායාම නොවෙයි. රට මුහුණ දෙන ඕනම අභියෝගයක් යජගත හැකි නායකත්වය ලබාදීම මම හැමවිටම සූදානම්. අනාගතය දෙස සුබවාදීව සිහින දැකපු අය තමයි ලෝකය වෙනස් කරන්නේ. මා ජනාතාවට ලබාදුන් ප්‍රතිඥා සැමවිටම සුරකිනවා කියලත් මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ නොතබන බවත් මා යළිත් මතක්කරනවා.”

යැයි ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ සම්පූර්ණ කතාව පහතින්

Related articles

Recent articles

spot_img